සදක් වටා දිලෙනා තරු රැනයි
තරු ගනනින් සද නුබටත් පරාදයි
තරු නති දා පුර සදටත් මුලාවයි
සබද ඔබද ඒ සද හා සමානයි
සදක් විලස මා ලොව තුල ඔබ පායා
සදේ සිසිල ඔබ මා වෙත ගෙන ආවා
මමත් ඉතින් ඔබටම පෙම් කෙරුවාටා
අමාවකදි මා තනි වුන බව දැනුනා
ඔබත් මුලා වී වෙන ලොවකට එලි වුවා
මමත් ඔබෙන් සමුගත් බව හද කීවා
ඔබත් නැතිව දින සති ගනනක් ගෙවුනා
නමුත් කිමද ඔබ නැවතත් මා සෙව්වා..........
අදහන්න බැහැ තවම
ReplyDeleteනුබ හිමි නැති බව
ගිනි ගන්න දහවලක් අග
අවැසි නුබේ මුදු වදන් මට
සගවන්න හැදුවත් දුක
ලය දවා මදුවිත උගුරක
දරනට බැහැ තවත්
මේ පාලු අමාවක
තිබුනත් දසහක තරු
කිසිත් නෑ සම නුබ
රහසින්ම ඇවිත් මට
සිපගන්න හැකිනම් වත
වෙනසක් නෑ තවම
පෙර මෙන්ම අද හෙටද
මේ හිතේ සින්නක්කර
හිමි කාරිය නුබ....