මම කියන හැම දේම පිලිගන්න එපා
මොකද, ඒ හැම කතවකම මුල ඔයා නොවෙන නිසා
මම කියන හැම කතාවක්ම අහගෙන ඉන්නත් එපා
මොකද, ඒ හැමදේම ඇත්තත් නොවෙන නිසා
මම ඔයා දිහාම බලගෙන හිටියට
ඔයා මට ආදරේ කරන්න එපා
මොකද, ඒ ඔයා මගේ නොවන නිසා
ඔයා මගේ නොව්නට
දුරස් වෙන්න හදන්න එපා
මොකද, ඒ මම ඔයාට ආස කරන නිසා
No comments:
Post a Comment