Saturday, December 1, 2012

කදුලක් වෙලා නෙතු අග ගිලිහෙන්න නොවේ... සුසුමක් වෙලා හදවත රිදවන්න නොවේ...



බැසයන හිරුගෙන්, සිතිජයම ගිනි අරන්
මගේ හිතේ සතුට, කවුරුදෝ හොරු අරන්
මූසල සැදෑවත් හදවතට ලන් කරන්
මරනයක් නිසාවෙන් ජීවිතය සමු අරන්

හදවතේ ලැගුම් ගත් අදරය තනි කරලා
මා වටා උන් මිතුරු කැලට කදුකල් දීලා
අතු අග පිපුන මල කිමද අද පර වීලා
සOසාර සත්යයෙන් මගේ හිත තනි වීලා

ඒදා ඇසුන කොවුල් නද, නැත අද දින අසුනේ
ඒදා දැනුන නැවුම් සුවද, නැත අද දින දැනුනේ
ජීවිතේ තනිකමක් අදයි මගේ සිත දැනුනේ
ඔබ සැවොම තනි කරලා, මමයි අද සමු ගන්නේ

No comments:

Post a Comment