Saturday, December 1, 2012

අනේ ඉතින් ඔබටත් මා ....


සද නොමැතිව කලු අහසේ
තනිවුන ඒ තාරකාව
කීවා මට එක් රහසක්

මා විලසම තනි වුන ඔහු
සැමදා මා ලග ඉන්නට
පොරොන්දු වූ වා මතකයි

සිත හඩනා රෑ යාමේ
බැලුවා මා අහස දිහා
පායාවිත් තරු දහසක් 
සදත් එක්ක බැබලෙනවා ........

ඒ දවසේ තනිවුන ඔබ
වටා දිලෙන තරු රෑනයි
අනේ ඉතින් ඔබටත් මා 
අමතක වී ඇති ගානයි .............

ඔබ තනියට තරුත් සදුත්
දෙපසින් හිද බැබලෙනවා
මගෙ තනියට පාලු සිතත්
මා එක්කම තනි වෙනවා ...........

No comments:

Post a Comment