Saturday, December 1, 2012

කෙකර මැණිකේ..........පුදුමයි මට ඔබ ගැනනම්.....


උදෑසනම පාරට විත්
හතර වටේ ඇවිදිනවා
අනුන්ගේ දේ සොය සොය විත් 
ඔබත් ඉතින් කියවනවා

බැලුවමනම් හරිම හැඩයි
ඔබේ පෙනුම සිත් කලබයි
මහත්වරුත් ඒ හින්දම
ඔබත් සමග දොඩමලු වෙයි

පොඩි දෙය වුව මවා පාලා
ඔබේ කරුන ඉ‍ටු කර ගනි
වෙන අයගේ දෙයක් වුවත්
දෙක කරලා කොටවාලයි

ඔබේ වැඩත් ඔබ සමගම
දිනෙන් දිනම වැඩි වෙනවා
පැති ගැන්වුන අපිත් ඉතින් 
ඒවායින් විදවනවා

 ඔබ කියනා දේ අහන්න
අනිත් අයත් මේ එනවා
අහන අයට මොලේ නැද්ද
ඒව මත්තෙ නැති වෙනවා

No comments:

Post a Comment