පිටකොටුව ඉස්ටේසමේ
මුල්ලකට වී හිදන්
අතපාලා හැනදාම
ඉල්ලනවා මිල මුදල්
කාගෙනවත්නම් නෑ වැටුනේ
රුපියලක් දෙකක්වත්
ඇස් දෙකත් තෙත්වෙලා
හිතේ දුක වැඩි හින්දා
හැන්දෑවෙ කලබලෙන්
ගෙදර දුවන අය දැකලා
දුක හිතෙනවත් අති
කවුරුවත් නැති හින්දා
ටිකට් පෝඅලිමේ ඉදන්
කලබලෙන් ඔය යන්නේ
පුන්චි දෝනි , දග පුත
නිදන්ට පෙර බලා ගන්න
එබී බලන්න ඒ ඇස් වලට
මොහොතක්
දකීවි ඔබ
ඒ ඇස් වල තියන දුක
මිල මුදල් තිබුනට
නෑ නේද සතුටක්
හැමෝගෙම ජීවිතත්
සන්සාරයේ දුකක්
No comments:
Post a Comment