Sunday, October 4, 2015

සැප්තැම්බරය නුබ

විටක ඔබ මා සැනසුවා,මෙවර ඔබ මා හැඩවුවා...
සොයන්නට මා තවම ලතවෙන, මාසෙ නුබනම් පුදුමිනා.....

වරක් නොව,දෙවරක් නොව ඔබ,තෙවනි අයුරින් පැමිනිලා
මාගෙ ජීවන ගමනෙ පැති කඩ,වෙනස් කෙරුවේ ඔබමිනා

හිසේ සිට දෙපතුලට ඔබගෙ,මතක දින තුන සැමරුවා
මෙතෙක් කලකට, කිසිම දිනකදි,ඔබව අමතක නොවමිනා

නමුදු පුදුමෙකි මෙවර නුබ, මටම නපුරක් ගෙනදිලා

සෑම දෙයකම සතුට මෙන් දුක ගැබ්ව අති බව තේරුනා

Wednesday, December 26, 2012

හිතට හොරා.... නවතිමි මම....


සමුගන්න අවසරයි...
මගේ කවි මෙපමනයි,
ඔඹවෙනුවෙන් ලියූ කවිය
ඔඹ වෙනුවෙන්ම අද නිහඩයි

හිතට හොරා.... නවතිමි මම....

සමා වෙන්න මට


මුතු කුඩයක් වගෙ සෙවන දුන්නට
රූස්ස ගහක් වගෙ සිසිල දුන්නට
මහ දියක් වගෙ පහස නිව්වට
බැහැ රැදෙන්න මට තවත් ඔඹ ලග

ගහකට ආවේනික හරිත පැහැය
වෙනස් කරන්න බෑ මට කිසි දවසක
රූමස්සල කන්ද පොළවට
බෑ මට කවදාවත් සමතලා කරන්න
ගොලු මුහුදට කතා කරවන්න
පුලුවන්නම් මට කවදක හරි
යන්නෙ නෑ මේ විදියට දුර
තනිකර දෙහදක සිතුවිලි

අතු අග මලක් පිපුනට,
බඹරුන් රොන් අරන් බිව්වට
සුලග දිගේ මල පා වුනාට
මලේ අය්ත්යිය හෑමදමත් ඒ ගහටමයි

කාලයත් එක්ක ගොඩ දුර ගිය අපි
අමරුයි නේ හැරී බලන්න
නමුදු,
වෙරලේ ඇදුනු පා සලකුනුත් 
අද
මැකී ගිහින් දිය පහරට

Monday, December 24, 2012

ආසයි මම විදින්න......

දේදුන්න පායන හැටි, මිනුක එක්ක බලන් ඉන්න
අක්කි එක්ක එකතු වෙලා, අලුත් කෑම ජාති හදන්න
තාත්ති එක්කල නෑදෑ ගෙවල් වල යන්න
දවල් වෙනකම් ටිකක් නිදාගන්න

ආසයි මමත් ඒ ජීවත් වෙන්න

ඒත් මට වෙලා තියෙන්නේ.......

උදේ පාන්දර නැගිටලා, බඩු කරගහගෙන, campus යන්න
මාස ගනම් ඇදෙන exam වලට පාඩම් කරන්න
Interviews වලට ගිහින් අයේ එන්න
Research, Presentations, Assignments කරන්න

අනේ........

නමුත් කිමද ඔබ නැවතත් මා සෙව්වා..........

සදක් වටා දිලෙනා තරු ‍රැනයි
තරු ගනනින් සද නුබටත් පරාදයි
තරු නති දා පුර සදටත් මුලාවයි
සබද ඔබද ඒ සද හා සමානයි

සදක් විලස මා ලොව තුල ඔබ පායා
සදේ සිසිල ඔබ මා වෙත ගෙන ආවා
මමත් ඉතින් ඔබටම පෙම් කෙරුවාටා
අමාවකදි මා තනි වුන බව දැනුනා

ඔබත් මුලා වී වෙන ලොවකට එලි වුවා
මමත් ඔබෙන් සමුගත් බව හද කීවා
ඔබත් නැතිව දින සති ගනනක් ගෙවුනා
නමුත් කිමද ඔබ නැවතත් මා සෙව්වා..........

සදක් නොවේ ඔබ මටනම්.......

මම ඔයාව සමාන කරන්නේ නෑ මලකට
මට ඔයාව සමාන කරන්නේ බෑ සදකට
මම ඔයාව සමාන කරන්නේ නෑ මගේ ලොකෙට
මොකද, ඔයා මට හරියට
සුලගක් වගේ......වේගෙන් හමාගෙන ඇවිල්ලා,
මොහොතක් ලගින් ඉදල,
නොකියම යන නිසා

පිස්සු හැදුන සමනලයෙක් මම...

ඉඩෝරයෙදි වැටෙන වැහි බිදුව ඔබනම්
‍රැ අහසේ පායන සිකුරු තරුව ඔබනම්
මා වටා දග කරන මද නළ, ඒ ඔබනම්
ඇයි තනිකමක් අද මේ මට.....

මොහොතක් හිතුවා මමත් මෙතනම නැවතී......

කාශ්ඨ අවුවට ආදරය කරන
සද පායන විටදී, තරු නොපෙනී යන
සුලගටත් වඩා වේගෙන් පියබා යන
පිස්සු හැදුන සමනලයෙක් මම...