Saturday, December 1, 2012

"මම කැමති"


හැමදේටම ඉස්සරවෙන්නයයි
කියූ කවුරුද,
මමද අනෙ ඉස්සර වුනි
ඔබ එදා ඇසූ විගසම.....

නොතේරුනි මට එදවස
ගන්න තීරන අදටද,
මා මතු දිවියටද,
මෙලෙස බලපාන බව

කෙලෙසද මා සිත ඔබ හට
තිබුන ඒ නොකැමැත්ත
එකම එක මොහොතක
කැමැත්තක් වුයේ

වරමක් ලැබුනොතින් මා හට
මෙලොව වසනා දෙවි කෙනෙක්ගෙන්,
යන්නට මා ආපසු......
නොබියව යන්නෙමි මම එක් මොහොතකට
ගන්නෙමි නැවත මම වචනය ඒ
"මම කැමති"

No comments:

Post a Comment