විටක හමු වී විටක හිනහෙන
ඔබේ රුව මා හැදිනුවා
මටත් නොදැනිම මගේ හද තුල
ඔබ ගනි මතු චේතනා
කෙදිනදෝ මම තවම නොදනී
මගේ හිත මේ හඩවනා
ඔබම ගැන මා පෙරුම් පිරුවත්
ඔබේනම් නෑ කල්පනා
දිනක හමුවී දිනක වෙන්වෙන
ඔබම මිරිගුවනම් තමා
තවම ඒ ගැන සිතන්නට මගෙ
සිත නොදෙයි මට කල්පනා
කිමද කියනා විමසුවත් ඒ
ඔබට මගෙ සිත ලොල් වුනා
ඉත්O කෙලෙසද සමුගන්නේ මා
තව තවත් මා ලO වුනා
දිනක සතුටක්, දිනක කදුලක්
මට ගෙනත් දුන් ඔබ තමා
කදුල වුව මට දෙයි සතුටක්
ඒ ඔබෙන් මට ලැබු නිසා
ඉත්O කෙලෙසක තව කියන්නද
නොදෙයි මට තව සිතුමිනා
ඔබම රිදවන සිත ඔබෙන්මයි
පතන්නෙත් මතු වාසනා
No comments:
Post a Comment