මුතු කුඩයක් වගෙ සෙවන දුන්නට
රූස්ස ගහක් වගෙ සිසිල දුන්නට
මහ දියක් වගෙ පහස නිව්වට
බැහැ රැදෙන්න මට තවත් ඔඹ ලග
ගහකට ආවේනික හරිත පැහැය
වෙනස් කරන්න බෑ මට කිසි දවසක
රූමස්සල කන්ද පොළවට
බෑ මට කවදාවත් සමතලා කරන්න
ගොලු මුහුදට කතා කරවන්න
පුලුවන්නම් මට කවදක හරි
යන්නෙ නෑ මේ විදියට දුර
තනිකර දෙහදක සිතුවිලි
අතු අග මලක් පිපුනට,
බඹරුන් රොන් අරන් බිව්වට
සුලග දිගේ මල පා වුනාට
මලේ අය්ත්යිය හෑමදමත් ඒ ගහටමයි
කාලයත් එක්ක ගොඩ දුර ගිය අපි
අමරුයි නේ හැරී බලන්න
නමුදු,
වෙරලේ ඇදුනු පා සලකුනුත්
අද
මැකී ගිහින් දිය පහරට
Nice post... :)
ReplyDeletethankuuu ayya
Delete