සද තරහ වෙලා මාත් එක්කල
ඒ මම ඔයාට පෙම් කෙරුවට
තරු කතා නෑ මාත් එක්කල
ඒ ඔයා මගේ කර ගන්න හැදුවට
මම තරහ නෑ මගෙත් එක්කල
ඒ ඔයා මගේ වුන නිසාවට
එපා වෙනස් වෙන්න මේ විදියට
බෑ දරා ගන්න මගේ හිතට
එක දවසක් කතා නොකෙරුවට
දුකක් දැනෙනවද මේ තරමට
නෑ තෙරුනේ මෙතුවක් කලකට
ඔබ මගේ අද වෙන තුරාවට
සද නොමැති අහස එළිය කරන්නට
සිකුරු තරුව වී පායා එන්න
තරහ වුන සද තරුත් එතකොට
පෙම් කරාවී අපිත් එක්කම
දුකක් දැනෙන විට මගෙ හදවතට
කවි සිතුවිලි පද බැන්දට
වෙනස්වෙන්නේ නෑ සත්තකයි මම
පිදුව පළවෙනි පෙම් කතාවට
This comment has been removed by the author.
ReplyDeleteඅදහන්න බැහැ තවම
ReplyDeleteනුබ හිමි නැති බව
ගිනි ගන්න දහවලක් අග
අවැසි නුබේ මුදු වදන් මට
සගවන්න හැදුවත් දුක
ලය දවා මදුවිත උගුරක
දරනට බැහැ තවත්
මේ පාලු අමාවක
තිබුනත් දසහක තරු
කිසිත් නෑ සම නුබ
රහසින්ම ඇවිත් මට
සිපගන්න හැකිනම් වත
වෙනසක් නෑ තවම
පෙර මෙන්ම අද හෙටද
මේ හිතේ සින්නක්කර
හිමි කාරිය නුබ....